උඹලා දන්නෑ


උඹලා දන්නෑ පෝලිමේ ඉන්නැතුව බේත් ගන්ඩ පුලුවන් කියලා

උඹලා දන්නෑ ආතතිය නැතුව ඉගෙන ගන්ඩ පුලුවන් කියලා

උඹලා දන්නෑ ට්‍රැෆික් නැතුව පාරෙ යන්ඩ පුලුවන් කියලා

උඹලා දන්නෑ කෙමිකල් නැති කෘශි කර්මයක් ගැන

උඹලා ඕවට පුරුදු වෙලා

වහ කන්ඩ, පෝලිමේ ඉන්ඩ, බයෙන් ඉන්ඩ, පොර කන්ඩ උඹලා පුරුදු වෙලා

උඹලා දන්නෑ උඹලා මේ ලෝකෙ කොච්චර අසරනද කියලා

හිඟන්නොද කියලා

උඹලට ඒක තේරුම් ගන්ඩ උවමනාවක් නෑ

එක අතකට උඹලගෙ විදිය හොඳයි.

මොකද ඕක තේරුම් ගත්ත එකා හැමදාම බලාපොරොත්තු වෙන්නෙ මේක වෙනස් වෙන්ඩෝනි කියන එක.

ඒත් ඒක ඉශ්ට වෙන බලාපොරොත්තුවක් නෙවෙයි.

ඒ නිසා උන් ජීවත් වෙන්නෙ කලකිරීමෙන්, මහ කාලකන්නි පශ්චත්තාපයක් එක්ක.

උඹලා උඹලගෙ අසරනකම, බැරි කම, කාලකන්නි කම, නොදැනම මැරිලා යන එක හොඳයි.



Comments

Popular posts from this blog

Sri Lanka